වාණිජකරනය සහ තොරතුරු තාක්ෂණය අප ආක‍්‍රමණය කර තිබෙන යුගයක අපගේ සිතුම් පැතුම් ඇත්තටම නිදහස්ද? සමාජ ජාලා සහ විලාසිතා අද අප ජීවිත කෙරෙහි කරන බලපෑම දුටුවිට මෙය ඉතා කාලෝචිත සංවාදයකි. නූතන අප දේවල් මිලදී ගන්නේ අවශ්‍යතාවයට පමණක් නොවේ. අද අපට ස්මාට් දුරකථන කිහිපයකි. සපත්තු දුසිමකි. ඇඳුම් දැමීමට අල්මාරිය මදිය. මේ කොච්චර දේ තිබ්බත් අප තවමත් සෑහීමකට පත්ව නැත. කුඩා කල සිට විවිධ මාධ්‍ය ඔස්සේ අපව වාණිජකරනයට ලක් කොට ඇත. අප තෝරා ගන්නා ඇඳුමේ සිට සහකරු දක්වා තීන්දු තීරණ ගනු ලබන්නේ අප විසින්ද නැතිනම් අප මෙහෙයවනු ලබන වෙනත් බාහිර බලවේග මගින්ද යන්න ගැන දැන ගෙන සිටීම ජීවිතයට මෙන්ම පසුම්බියටත් ඉතා වැදගත් වන බව පෙත්තාගේ අදහසයි.
නිදහස් චින්තනය පිළිබඳ වාද විවාද බොහෝ ඇත. සමාජ විද්‍යාවේදී යම් අයෙකුට තනිව තීරණ ගැනීමට ඇති හැකියාව ඒජන්සි (Agency), ලෙස හඳුන්වයි. නමුත් ඒජන්සියකට තනිව ක‍්‍රියා කල නොහැක. එය සමාජයෙහි පවතින ව්‍යුහයන් (Structures) මගින් තීරණය වේ. මෙම න්‍යායාත්මක කරුණු පිළබඳ පෙත්තා පසු දවසක විස්තර කරනු ඇත. දැනට සරලව විවාහය, ළමයෙකු සෑදීම, ළමයා යා යුතු පාසල ආදී බොහෝ අවස්ථාවන්හිදී තීරණ ගැනීම සිදුවන ආකාරය නිරීක්ෂනය කිරීමෙන් Agency සහ Structures අතර සම්බන්ධය තේරුම් ගත හැක.
මෙම අන්නොන්‍ය සම්බන්ධය නිසා සැබැවින්ම නිදහස් චින්තනයක් ලොව පවතිනවාද යන්න මතභේදකාරීය. ඩැනියෙල් වෙග්නර් පැවසූවේ අපගේ සිතුම් පැතුම් අපගේ පාලනයේ ඇති බව සිතුවත් එය මායාවක් පමණක් බවය (Illusion of Control).
මේ අනුව නිදහස සොයා යෑම මිත්‍යාවක්ද? නිදහස් චින්තනය යනු වචන පමණක්ද? පෙත්තා කියන නිදහස ලගාවිය නොහැකි මිරිගුවක් නොවේ. නිදහසක් නොමැති නිදහස සොයා යාමට දිගටම තණකොළ පෙත්තා සමග රුඳී සිටින්න.
https://en.wikipedia.org/wiki/Agency_(sociology)


No comments:
Post a Comment