ඕස්ටි්රයාවේ ජීවත්වූ සත්ව විද්‍යාඥයෙකු වන කොන්රාඞ් ලොරෙන්ස් නූතන චර්යා විද්‍යාවේ පුරෝගාමියෙකු ලෙස සලකයි. ඔහු 1973දී නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබූවෙකි. ඔහුට චර්යා විද්‍යාවෙහි විශේෂ තැනක් හිමිවන්නේ "Imprint" නැමති සංසිද්ධිය ගැන පාත්තයන් ඇසුරෙන් සිදුකල පර්යේෂණ නිසාය.
මෙම පර්යේෂණයන්හිදී පාත්ත බිත්තර වෙන්කොට රැකීමෙන් පසු එක් කොටසකට පාත්ත මව දැකීමට සැලැස්වූ අතර අනෙක් කොටසට තමාව දැකීමට සැලස්වුයේය. එහිදී ඔහු නිරීක්ෂණය කරන ලද්දේ පලමුව තමා දුටු පාත්ත පැටවුන්, ලොරෙන්ස් ඔවුන්ගේ මව ලෙස සලකනු ලබන බවයි. එම පාත්ත පැටවුන් ලොරෙන්ස් පසුපස පැමිණීමත් ඔහු සමග පිහිනීමත් සිදුකලා. ලොරෙන්ස් එම පැටවුන් රැක බලා ගත් විට පාත්ත පැටවුන් ඔහුව තම මව ලෙස ස්ථිර කරගන්නා ලදී. දිගටම කෙරුනු පර්යේෂණ අනුව වටහාගන ලද්දේ පාත්ත පැටවුන් ඔවුන්ට පලමුව හමුවන චලනය වන වස්තුව ඔවුන්ගේ මව ලෙස සලකන බවය. පාත්ත පැටවුන් වැඩුණු පසුද ඔහු අසල ගැවසීමට ප්‍රිය කරන ලදී. Imprinting නිසා සත්ව පැටවුන්ට කුඩා කලම තම මව හඳුනා ගෙන රැකවරණය ලබා ගැනීමේ හැකියාව ඇතිකරවයි.
ලොරෙන්ස්ගේ පාත්තයන් ගැන අපට වැදගත් වන්නේ එම කතන්දරය තුල අප ගැනද සැගවුණු සත්‍යයක් පවතින බැවිනි. අපට උත්පත්තියෙන් නිරාවරණයවූ අපට නොදැනීම ස්ථාවරවූ (imprint) දේවල් බොහොමයකි. ගෙදර, පවුල, ආගම, ජාතිය, සංස්කෘතිය ආදිය මෙයට උදාහරණ ලෙස කියන්න පුළුවන්. අපි කෙතරම් දැඩිව මේවා ග්‍රහණය කරගෙන සිටිනවාද කියනවානම් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුවද පුළුවන. තවද අප යම් තීරණයක් ස්ථිරකරගැනීමෙන් අනතුරුව ඉන් පසුව ගන්නා තීරණ සිදුකරන්නේ පලමු තීරණය මත සිට හෝ එය ස්ථාවර කිරීම සඳහාය. කලකට පසු පලමු තීරණය ගත්බව අමතක වුවද නොදැනුවත්ව එයට අනුකූලව ස්වයංකී‍්‍රයව තීරණ ගනු ලැබේ. අප දැනට කරන රුකියාව හෝ අධ්‍යයනය කරන කේෂත්රය මේ සඳහා ගත හැකි උදාහරණ කිහිපයකි. ඇතැම් විට අප විශ්‍රාම යන තුරුම එම රුකියාවේම යෙදෙනු ඇත.
තණකොළ පෙත්තා මේ ගැන කිව්වේ නිදහස සොයා යාමේදී අප අපගේ සිතුවිලි/තීරණ වලම වහලෙකු වන බවද දැනගෙන සිටීම ප්‍රයෝජනවත් වන නිසා. ලොරෙන්ස්ගේ පාත්තයන් ඔප්පුකර සිටින්නේ අපගේ තීරණ ගැනීමේ ඇති අතාර්කික බවයි. නිදහස සොයා යා යුත්තේ බාහිරයේද නැතිනම් තමන් තුලද යන්නත් මෙහිදී මතුවන ප්‍රශ්නයක්. මිනිසා කියන්නේ පාත්තයින්ට වඩා බොහෝ දියුණු හා සංකීර්ණ සත්ව කොට්ඨාශයක්. අප වැඩිවියට පත්වීමේදී බාහිර කරුණු අභ්‍යන්තරගත (internalize) වීමේ ක්‍රියාවලියේදී ස්කීමා ගැනද දැන ගත යුතු වෙනවා. පියාජේගේ ස්කීමා ගෙන පෙත්තා පසුව ලියන්නම්. ඉතින් දිගටම කියවමු...


