Saturday, November 3, 2018

ලොරෙන්ස්‌ග‌ේ පාත්තයන්


ඕස්ටි‍්‍රයාවේ ජීවත්වූ සත්ව විද්‍යාඥයෙකු වන කොන්රාඞ් ලොරෙන්ස් නූතන චර්යා විද්‍යාවේ පුරෝගාමියෙකු ලෙස සලකයි. ඔහු 1973දී නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබූවෙකි. ඔහුට චර්යා විද්‍යාවෙහි විශේෂ තැනක් හිමිවන්නේ "Imprint" නැමති සංසිද්ධිය ගැන පාත්තයන් ඇසුරෙන් සිදුකල පර්යේෂණ නිසාය. 

මෙම පර්යේෂණයන්හිදී පාත්ත බිත්තර වෙන්කොට රැකීමෙන් පසු එක් කොටසකට පාත්ත මව දැකීමට සැලැස්වූ අතර අනෙක් කොටසට තමාව දැකීමට සැලස්වුයේය. එහිදී ඔහු නිරීක්ෂණය කරන ලද්දේ පලමුව තමා දුටු පාත්ත පැටවුන්, ලොරෙන්ස් ඔවුන්ගේ මව ලෙස සලකනු ලබන බවයි. එම පාත්ත පැටවුන් ලොරෙන්ස් පසුපස පැමිණීමත් ඔහු සමග පිහිනීමත් සිදුකලා. ‌ලොරෙන්ස් එම පැටවුන් රැක බලා ගත් විට පාත්ත පැටවුන් ඔහුව තම මව ලෙස ස්ථිර කරගන්නා ලදී.  දිගටම ‌ක‌ෙරුනු පර්ය‌ේෂණ අනුව වටහාගන ලද්ද‌ේ පාත්ත පැටවුන් ඔවුන්ට පලමුව හමුවන චලනය වන වස්තුව ඔවුන්ග‌ේ මව ‌ල‌ෙස සලකන බවය. පාත්ත පැටවුන් වැඩුණු පසුද ඔහු අසල ගැවසීමට ප්‍රිය කරන ලදී. Imprinting නිසා සත්ව පැටවුන්ට කුඩා කලම තම මව හඳුනා ගෙන රැකවරණය ලබා ගැනීමේ හැකියාව ඇතිකරවයි. 



ලොරෙන්ස්ගේ පාත්තයන් ගැන අපට වැදගත් වන්නේ එම කතන්දරය තුල අප ගැනද සැගවුණු සත්‍යයක් පවතින බැවිනි. අපට උත්පත්තියෙන් නිරාවරණයවූ අපට නොදැනීම ස්ථාවරවූ (imprint) දේවල් බොහොමයකි. ගෙදර, පවුල, ආගම, ජාතිය, සංස්කෘතිය ආදිය මෙයට උදාහරණ ලෙස කියන්න පුළුවන්. අපි කෙතරම් දැඩිව මේවා ග්‍රහණය කරගෙන සිටිනවාද කියනවානම් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුවද පුළුවන. තවද අප යම් තීරණයක්  ස්ථිරකරගැනීමෙන් අනතුරුව ඉන් පසුව ගන්නා තීරණ සිදුකරන්න‌ේ පලමු තීරණය මත සිට හෝ එය ස්ථාවර කිරීම සඳහාය. ‌ කලකට පසු පලමු තීරණය ගත්බව අමතක වුවද නොදැනුවත්ව එයට අනුකූලව ස්වයංකී‍්‍රයව තීරණ ගනු ලැබේ. අප දැනට කරන රුකියාව හෝ අධ්‍යයනය කරන කේෂත‍්‍රය මේ සඳහා ගත හැකි උදාහරණ කිහිපයකි. ඇතැම් විට අප විශ‍්‍රාම යන තුරුම එම රුකියාවේම යෙදෙනු ඇත. 

තණකොළ පෙත්තා මේ ගැන කිව්වේ  නිදහස සොයා යාමේදී අප අපගේ සිතුවිලි/තීරණ වලම වහලෙකු වන බවද දැනගෙන සිටීම ප‍්‍රයෝජනවත් වන නිසා. ලොරෙන්ස්‌ග‌ේ පාත්තයන් ඔප්පුකර සිටින්නේ අපගේ තීරණ ගැනීමේ ඇති අතාර්කික බවයි. නිදහස ‌සොයා යා යුත්තේ බාහිරයේද නැතිනම් තමන් තුලද යන්නත් මෙහිදී මතුවන ප‍්‍රශ්නයක්. මිනිසා කියන්නේ පාත්තයින්ට වඩා බොහෝ දියුණු හා සංකීර්ණ සත්ව කොට්ඨාශයක්. අප වැඩිවියට පත්වීමේදී බාහිර කරුණු අභ්‍යන්තරගත (internalize) වීමේ ක්‍රියාවලියේදී ස්කීමා ගැනද දැන ගත යුතු වෙනවා. පියාජේගේ ස්කීමා ගෙන පෙත්තා පසුව ලියන්නම්.  ඉතින් දිගටම කියවමු... 

Friday, November 2, 2018

නිදහස ‌ස‌ොයා

වාණිජකරනය සහ තොරතුරු තාක්ෂණය අප ආක‍්‍රමණය කර තිබෙන යුගයක අපගේ සිතුම් පැතුම් ඇත්තටම නිදහස්ද? සමාජ ජාලා සහ විලාසිතා අද අප ජීවිත කෙරෙහි කරන බලපෑම දුටුවිට මෙය ඉතා කාලෝචිත සංවාදයකි. නූතන අප දේවල් මිලදී ගන්නේ අවශ්‍යතාවයට පමණක් නොවේ. අද අපට ස්මාට් දුරකථන කිහිපයකි. සපත්තු දුසිමකි. ඇඳුම් දැමීමට අල්මාරිය මදිය. මේ කොච්චර දේ තිබ්බත් අප තවමත් සෑහීමකට පත්ව නැත. කුඩා කල සිට විවිධ මාධ්‍ය ඔස්සේ අපව වාණිජකරනයට ලක් කොට ඇත. අප තෝරා ගන්නා ඇඳුමේ සිට සහකරු දක්වා තීන්දු තීරණ ගනු ලබන්නේ අප විසින්ද නැතිනම් අප මෙහෙයවනු ලබන වෙනත් බාහිර බලවේග මගින්ද යන්න ගැන දැන ගෙන සිටීම ජීවිතයට මෙන්ම පසුම්බියටත් ඉතා වැදගත් වන බව ‌ප‌ෙත්තාග‌ේ අදහසයි.



නිදහස් චින්තනය පිළිබඳ වාද විවාද බොහෝ ඇත. සමාජ විද්‍යාවේදී යම් අයෙකුට තනිව තීරණ ගැනීමට ඇති හැකියාව ඒජන්සි (Agency), ලෙස හඳුන්වයි. නමුත් ඒජන්සියකට තනිව ක‍්‍රියා කල නොහැක. එය සමාජයෙහි පවතින ව්‍යුහයන් (Structures) මගින් තීරණය වේ. මෙම න්‍යායාත්මක කරුණු පිළබඳ ‌පෙත්තා පසු දවසක විස්තර කරනු ඇත. දැනට සරලව විවාහය, ළමයෙකු සෑදීම, ළමයා යා යුතු පාසල ආදී බොහෝ අවස්ථාවන්හිදී තීරණ ගැනීම සිදුවන ආකාරය නිරීක්ෂනය කිරීමෙන් Agency සහ Structures අතර සම්බන්ධය තේරුම් ගත හැක.



මෙම අන්නොන්‍ය සම්බන්ධය නිසා සැබැවින්ම නිදහස් චින්තනයක් ලොව පවතිනවාද යන්න මතභේදකාරීය. ඩැනියෙල් වෙග්නර් පැවසූවේ අපගේ සිතුම් පැතුම් අපගේ පාලනයේ ඇති බව සිතුවත් එය මායාවක් පමණක් බවය (Illusion of Control).

මේ අනුව නිදහස සොයා යෑම මිත්‍යාවක්ද? නිදහස් චින්තනය යනු වචන පමණක්ද? ප‌ෙත්තා කියන නිදහස ලගාවිය නොහැකි මිරිගුවක් නොවේ. නිදහසක් නොමැති නිදහස සොයා යාමට දිගටම තණකොළ ‌ප‌ෙත්තා සමග රුඳී සිටින්න.


මූලාශ‍්‍ර:
https://en.wikipedia.org/wiki/Agency_(sociology)

ලොරෙන්ස්‌ග‌ේ පාත්තයන්

ඕස්ටි‍්‍රයාවේ ජීවත්වූ සත්ව විද්‍යාඥයෙකු වන කොන්රාඞ් ලොරෙන්ස් නූතන චර්යා විද්‍යාවේ පුරෝගාමියෙකු ලෙස සලකයි. ඔහු 1973දී නොබෙල් ත්‍යාගයෙන්ද ...